දුක හිතෙන දුක් ගීය ඔබමයි ගයන්නේ ...
එය අසන හැම විටම කඳුළුයි නැගෙන්නේ
හිතටයි රිදෙන්නේ ඔබවයි මැවෙන්නේ
දෑසේ කතාවේ කඳුළැල් සිනාසේ
ඔබ දුන්න දුක නේද මම මේ විඳින්නේ .....
ඔබ සැඟවෙලා සිතට කඳුලක් ගෙනා
ළඟ නැවතිලා සිතට ඔබ ලං වෙලා
සිතුවිලි පහන් වී ඔබ ගැන සිතේවී
ඔබ දුන්න දුක නේද මම මේ විඳින්නේ ....
මට ලං වෙලා නුඹව මාගේ වෙලා
මා හා ඔයා ඉන්න පහනක් වෙලා
සිතුවිලි පහන් වී ඔබ ගැන සිතේවී
ඔබ දුන්න දුක නේද මම මේ විඳින්නේ....
@අමිල තුෂාර සම්පත්
Subscribe to:
Post Comments (Atom)
Post a Comment